ප්‍රමුඛ පුවත 1

බැටික්ලෝ කැම්පස් ගැන කෝප් කමිටුවෙන් පරීක්‍ෂණයක්

(UTV| කොළඹ) – “බැටික්ලෝ කැම්පස් ශ්‍රී ලංකා” නමින් මඩකලපුව ප්‍රදේශයේ ඉඳිවන විශ්වවිද්‍යාලය පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට  කෝප් කමිටුව තීරණය කරයි.

එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ, ලබන 21 වැනි දා අදාළ පාර්ශව කමිටුව හමුවට කැඳවා ඇති බවයි.

මේ අතර අදාළ විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන අධ්‍යයනයේ වාර්තාව ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

මඩකලපුවේ ඉදිවන බැටික්ලෝ කැම්පස් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය නිරීක්ෂණය කිරීමට ද උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය කිහිපයක කාල සටහන සංශෝදනය කෙරේ

Mohamed Dilsad

සරසවි ප්‍රවේශ අත්පොත ලබන සතියේ නිකුත් වෙයි

Mohamed Dilsad

බැඳුම්කර චෝදනා සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment