ප්‍රමුඛ පුවත 1

පෞද්ගලික උපකාරක පංති තාවකාලිකව අත්හිටුවයි.

(UTV| කොළඹ) – දිවයිනේ පවතින ආරක්ෂක තත්වය සැළකිල්ලට ගෙන දිවයින පුරා පවත්වන පෞද්ගලික උපකාරක පංති මැයි මස 03 දක්වා නොපැවැත්වීමට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

මෙම පංති ආරම්භ කළ පසු සිසුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ සහ පොලීසියේ මාර්ගෝපදේශවලට අනුව ගතහැකි උපරිම ආරක්ෂිත විධි විධාන ගැනීමට එම පංති සංවිධායකවරුන්ට දැනටමත් උපදෙස් ලිඛිතව ලබාදුන් බවද එම සංගමයේ ගාල්ල දිස්ත‍්‍රික් සංගමයේ සභාපති නන්දන යූ ගමගේ මහතා කියා සිටියි.

මෙම පංති පැවැත්වීම ඒ ඒ ප‍්‍රදේශවල පොලිස් ස්ථානවල උපදෙස්වලට අනුකූලව සිදුකරන බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුධ හමුදා ට්‍රක් රථයක් යාල් දේවියේ ගැටී හමුදා සාමාජිකයන් 06 ක් මරුට

Mohamed Dilsad

ඉදිරි මහා මැතිවරණයේදී නිදහස් පක්ෂයේ සහය ජනපතිට

Mohamed Dilsad

වන අලි පහරදීමකින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කැපකරුවෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment