ප්‍රමුඛ පුවත 1

වියලි කාලගුණය තවදුරටත්

(උදයම්,කොළඹ ) – පවතින වියළි සහ ශීත කාලගුණය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 

අලුයම් කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින තත්වයක් ද බලාපොරොත්තු විය හැක.

 

කෙසේවෙතත් සබරගමුව පළාතේ සහ මාතර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාව පවති.

 

ඇතැම් ප්‍රදේශවලට උදය කාලයේ මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කෙරෙන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

 

මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං ද බලාපොරොත්තුවන බව ඔවුන් වැඩිදුරටත් වේදනය කරයි.

Related posts

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් [VIDEO]

Mohamed Dilsad

වෛද්‍ය මොහොමඞ් සාෆිට එරෙහි නඩුව අද විභාගයට

Mohamed Dilsad

තවත් නාවිකයින් 4 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment