ප්‍රමුඛ පුවත 1

අගමැති සහ විදෙස් ඇමති මෙරට විදෙස් තානාපතිවරු හමුවෙයි

(UTV| කොළඹ) – රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදෙස් තානාපතිවරු හා නියෝජිතයින් ඊයේ (22) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සාකච්ඡා පැවැත්විය.

ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරවීම් සහ රටේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින්, රටවල් 46 කට අධික තානාපතිවරු සහ විදෙස් නියෝජිතයින් සමග පුරා පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත්වූහ.

බෝම්බ පිපිරවීමේ සිද්ධියත් සමග මෙරටට සංචාරකයින් පැමිණීමේ අවදානමක් උද්ගත විය හැකි බැවින් එය යථා තත්ත්වයට පත් කර, රටේ ආර්ථිකය ශක්තිමත් කරගනිමින් රට ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හමුදාවට බලය පැවරීමට සහ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පැය 24 කට වැඩි කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පමණක් සීමා වූ හදිසි නීති රෙගුලාසි දෙකක් පැනවීමට නියමිත බව පෙන්වා දුන්නේය.

ආගමික සිද්ධස්ථාන සහ සංචාරක හෝටල් මූලික කර ගනිමින් එල්ල වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය සඳහා ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධතා තිබේ නම් එය පරාජය කිරීම සඳහා ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගැනීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

මෙම ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලබා සිටින විදේශිකයන් පිළිබඳ තොරතුරු තානාපතිවරුන් වෙත ලබාදුන් අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඔවුන් වෙත ලබාදෙනු ඇති බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරු ඇතුලූ පිරිසක් සහභාගි වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පෝය සහ ඉරිදා දිනවල උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

Mohamed Dilsad

පොලිස් සැරයන්වරයෙක් ඝාතනය කරයි

Mohamed Dilsad

නායකත්වය පිළිබඳ රනිල් – සජිත් ගැටුම උග්‍ර වෙයි

Mohamed Dilsad

Leave a Comment