ප්‍රමුඛ පුවත 1

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(UTV| කොළඹ) – සිදුව ඇති ඛේදවාචකය පිළිබඳව දැඩිව කණගාටුවට පත්වනවා වගේම,පරීක්ෂණ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඔබේ සහයෝගය නොමසුරුව ඉල්ලා සිටිනවා.කටකතා සහ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී සන්සුන්ව සිටින ලෙස ඔබ සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටිනවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියි.

සිදුවි ඇති මහා බරපතල ඛේදවාචකය පිළිබඳව දැඩි සේ කම්පනයට පත්ව සිටිමි.කිසිසේත් බලාපොරොත්තු නොවූ සිදුවීමක් සිදුවීම පිළිබඳව මා මෙන් ම ලක්වැසි ජනතාව දැඩි සේ කම්පනයට පත්ව සිටින අවස්ථාවක් මෙන් ම දැඩි සේ වේදනාවට පත්ව සිටින අවස්ථවක් ලෙස දනිමි.

මේ පිටුපස ඇත්තේ කුමන ආකරයේ කුමන්ත්‍රණයක් ද යන්නපැහැදිළි ලෙස සොයා ගැනීම සඳහ අදාළ පරීක්ෂණ කණ්ඩායම්,පොලිස් විශේෂ කර්ය බලකාරය, යුද ගුවන් සියලු ආරක්ෂක අංශවලට මේ වනවිට උපදෙස් දී ඔවුන් මේ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාශීලීව ඇත. ඒ අනුව මේ පරීක්ෂණ කටයුතු සඳහා ජනතාවගේ සහයෝගය කාරුණිකව රජය බලාපොරොත්තු වෙනවා.

ඔබ සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටින්නේ,සිදුව ඇති ඛේදවාචකය පිළිබඳව දැඩිව කණගාටුවට පත්වනවා වගේම,පරීක්ෂණ කටයුතු සාර්ථ්ක කර ගැනීම සඳහා ඔබේ සහයෝගය නොමසුරුව ඉල්ලා සිටිනවා. ඔබ සෑම කෙනෙක් ම සන්සුන්ව සිටින ලෙස ඉල්ලා සිටිනවා.කටකතා සහ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී සන්සුන්ව සිටින ලෙස ඔබ සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටිනවා. රජය මේ වෙනුවෙන් ගත හැකි සෑම පියවරක් ම ගෙන තිබෙනවා.මේ සම්බන්ධයෙන් රජය නිසි ලෙස වගකීම් ඉටු කරන බවද ජනාධිපතිතුමා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

Mohamed Dilsad

මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා සහය ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි

Mohamed Dilsad

දරුවන් මත්උවදුරින් ආරක්ෂා කිරීම සඳහා සියලුදෙනාගේම මැදිහත්වීම අවශ්‍ය බව අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment