ප්‍රමුඛ පුවත 1

මෙරට ධීවර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ස්ථීර ජාතික ප්‍රතිපත්තියක්

ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය, සංරක්ෂණය හා කළමනාකරණය උදෙසා ස්ථීර ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට සුදාම්නම් වෙයි.
බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහය නෝර්වේ රජය විසින් ලබාදීමට එකඟතාව පළ කර ඇති බවයි.
ධීවර හා ජලජ සම්පත් අවභාවිතය හේතුවෙන් එම සම්පත් විනාශ වී යාමේ තර්ජනයකට මුහුණදී සිටින බැවින් මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට තීරණය කර තිබේ.
ලෝකයේ විශිෂ්ටතම ධීවර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ නෝර්වේ රාජ්‍යය යේය.
එබැවින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා නෝර්වේ රජයෙන් ඉල්ලීමක් කර ඇත්තේ මෙරට ප්‍රතිපත්තිය සකස් කිරීමට සහයෝගය ලබාදෙන ලෙසයි.
මෙම වසර තුළ මෙම ජාතික ප්‍රතිපත්තිය හඳුන්වාදීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ.

Related posts

බස් ගාස්තු සංශෝධන තීරණය අද

Mohamed Dilsad

දකුණු ආසියාවේ කොඩිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

Mohamed Dilsad

කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් දුරකතනයක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment