ප්‍රමුඛ පුවත 1

මෙරට ධීවර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ස්ථීර ජාතික ප්‍රතිපත්තියක්

ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය, සංරක්ෂණය හා කළමනාකරණය උදෙසා ස්ථීර ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට සුදාම්නම් වෙයි.
බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහය නෝර්වේ රජය විසින් ලබාදීමට එකඟතාව පළ කර ඇති බවයි.
ධීවර හා ජලජ සම්පත් අවභාවිතය හේතුවෙන් එම සම්පත් විනාශ වී යාමේ තර්ජනයකට මුහුණදී සිටින බැවින් මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට තීරණය කර තිබේ.
ලෝකයේ විශිෂ්ටතම ධීවර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ නෝර්වේ රාජ්‍යය යේය.
එබැවින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා නෝර්වේ රජයෙන් ඉල්ලීමක් කර ඇත්තේ මෙරට ප්‍රතිපත්තිය සකස් කිරීමට සහයෝගය ලබාදෙන ලෙසයි.
මෙම වසර තුළ මෙම ජාතික ප්‍රතිපත්තිය හඳුන්වාදීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ.

Related posts

අද ජුම්මා යාඤ්ඤාව පැවැත්විමෙන් වළකින්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය.

Mohamed Dilsad

ආනයනික අර්තාපල් හා ලොකු ලුණු බද්ද පහතට

Mohamed Dilsad

Leave a Comment