ප්‍රමුඛ පුවත 1

නීති විරෝධි මත් පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මුලංකාවිල් පොලිසිය‍ මෙන්ම කිලිනොච්චිය, ආහාර සහ ඖෂධ පාලන මණ්ඩලයේ නිලධාරීන් එක්ව ඊයේ (මාර්තු 17) කිලිනොච්චිය, මුලංකාවිල් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස ප්‍රීගැබලින් (Pregabalin) වර්ගයේ වේදනා නාශක පෙති අලෙවි කිරීමට කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, ඔහු සතුව තිබී මිලිග්‍රෑම් 150 ක් වූ පෙති 168 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ඖෂධ හල සඳහා ද බලපත්‍ර නොමැති හෙයින් ආහාර සහ ඖෂධ පාලන මණ්ඩලයේ නිලධාරීන් විසින් ඖෂධ හල මුද්‍රා තැබිමට ද කටයුතු කරන ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ පෙති තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මුලංකාවිල් පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෑස් මිල පහළට – ආනයනික කිරිපිටි මිල ඉහළට

Mohamed Dilsad

මධුමාධව ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය සඳහා නව වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment