ප්‍රමුඛ පුවත 1

පුත්තලමේ මාරක රිය අනතුරක්.සිව් දෙනෙකු මරුට

(UTV| කොළඹ) – පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේදී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන්  පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.

අද (18) අළුයම 01.45ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

යාපනය සිට කොළඹ දෙසට ධාවනය වු වෑන් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු 08 දෙනෙකු සහ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර ඇත.

එහිදී වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනකු සහ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයා එහිදී ජීවිතක්ෂට පත්ව තිබේ.

පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් පස් දෙනෙකු මේ වනවිට පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මොහොමඩ් මුසම්මිල් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

Mohamed Dilsad

අභාවප්‍රාප්ත වූ පොලිස් පරීක්ෂක , මහතාගේ අවසන් කටයුතු අද

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්..

Mohamed Dilsad

Leave a Comment