ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරයා නියෝජනය කරන තවත් කණ්ඩායමක් ජිනීවා සමුළුවට යයිද? -මන්ත්‍රී සුමන්දිරම්

(UTV| කොළඹ) – ජනාධිපතිවරයා නියෝජනය කරමින් තවත් කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත යැවීමේ සුදානමක් පවතිනවාද යන්න පිළිබඳව අද  දෙමල ජාතිම සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ . සුමන්දිරම් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශං කළේය.

ඒ අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක් වෙමිනි.

මෙවැනි නියෝජිතයින් කණ්ඩායමක් යැවීමට මුදල් වෙන් කරන්නේ කෙසේද ? විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් රජය නියෝජනය කරමින් ජිනීවා සමුළුවට සහභාගී කර වීම අපිට අනුමත කල නොහැකි බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ පිලිබඳ එම කණ්ඩායමේ නියෝජිත මහින්ද සමරසිංහ මහතා සභාවට හෙළි කල යුතු බව සුමන්දිරම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවේ නැගී සිටි සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතාද ඒ පිළිබඳව හෙළි කරන ලෙස මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයාගෙන් ඉල්ලෙමක් කළේය.

සුමන්දිරම් මන්ත්‍රීවරයා එම අවස්ථාවේ පෙන්වා දුන්නේ රජය නොදැනුවත්ව මෙසේ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් රජය නියෝජනය කරමින් යැවීමට සුදානම් වීම අනුමත නොකළ හැකි බවයි.

ඒ නිසා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය අනුමත කිරීමට අපට සහය දිය නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරම්  මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සංචාරක සංවර්ධනට කාම්බෝජ රජය සමඟ අවබෝධතා ගිවිසුමක්

Mohamed Dilsad

සිමෙන්ති සදහා උපරිම මිලක් සදහන් කරමින් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

චෝදනා ලැබූ සම්පායෝ ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment