ප්‍රමුඛ පුවත 1

ගිනි අවියක කොටස් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – බෝර 12 ගිනි අවියක කොටස් සිය බෑගයේ සඟවා ඇමෙරිකාවට යාමට උත්සාහ කළ පුද්ගලයෙකු  අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 56 හැවිරිදි ඇමෙරිකානු පුරවැසිභාවය හිමි අයෙකි.

කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ එක්ස් කිරණ යන්ත්‍රයේ රාජකාරීයේ නියැලී සිටි ගුවන් තොටුපළ ආරක්ෂක අංශයේ නිලධාරීන් ගමන් මලු පරීක්ෂා කරමින් සිටියදී , මෙම ගුවන් මගියාගේ ගමන් මල්ලේ සඟවා ගෙන තිබූ තුවක්කුවේ කොටස් සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, කොළඹ , වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි සිය මවගේ සුව දුක් බැලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ , ආපසු යන ගමනේදී ඔහුගේ සීයාට අයත් බෝර 12 වර්ගයේ තුවක්කුවක කොටස් එලෙස රැගෙන ගොස් ඇති බවයි.

මෙම ගුවන් මගියා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාර දී ඇත.

ඔහු අද මීගමුව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයනකරුවා වන එක්සත් රාජධානියට සිදු කළ අපනයන අතුරින් සියයට 75% ක්ම ඇඟලුම්

Mohamed Dilsad

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් තුන් ලක්‍ෂ පනස් දහස ඉක්මවයි

Mohamed Dilsad

ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයේ ඡන්ද විමසීම අද

Mohamed Dilsad

Leave a Comment