ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවට ගත් ධීවරයින් නිදහස් කිරීමට ඉන්දු-ලංකා එකඟතාවක්

(උදයම්,කොළඹ)  – ඉන්දියාව සහ ශ්‍රී ලංකාව භාරයේ සිටින දෙරටේ ධීවරයින් 123 දෙනෙකු නිදහස් කිරීමට දෙරටේ බලධාරීන් තීරණය කරයි.
මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවක් ද අද පෙරවරුවේ පැවැත්වුණි.
එහිදී මෙරට භාරයේ සිටින ඉන්දීය ධීවරයින් 85 දෙනෙකු නිදහස් කරන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය නීතිපතිවරයා වෙත දැනුම්දුන් බව ධීවර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ අනුව, මෙරට භාරයේ පසුවන ඉන්දීය ධීවරයින් 85 දෙනෙකු සහ ඉන්දීය භාරයේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් 19 දෙනෙකු නිදහස් කිරීමට නියමිත බව ධීවර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

.

Related posts

ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට..

Mohamed Dilsad

නවසීලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක්..

Mohamed Dilsad

නාවික හමුදාව සමුද්‍රීය ආරක්ෂක රාජකාරී මගින් සේවා ගමන් වාර 10000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment