ප්‍රමුඛ පුවත 1

මාධ්‍යවේදියාට පහරදුන් කෝපායි ඕ.අයි.සී අත්අඩංගුවට…

(UTV| කොළඹ) – පසුගිය 19 වනදා මාධ්‍යවේදියෙකුට පහරදුන් බවට සැකපිට කෝපායි පොලීසියේ වැඩබැලූ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන පසුව ශරීර ඇප මත මුදාහැර ඇති බව පොලිසිය සදහන් කරයි.

පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන මොහු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව රුපියල් 50000 ක ශරීර ඇප මත මුදාහැරීමට කටයුතු කර ඇත.

කෝපායි ප්‍රදේශයේදී බස් රථයක් හා යතුරුපැදි දෙකක් ගිනිගැනීම පිළිබදව විමර්ශන කිරිමට පැමිණ සිටි වැඩබලන ස්ථානාධිපතිවරයා හා අදාළ මාධ්‍යවේදියා අතර බහින්බස් වීමක් ඇතිවී තිබෙන අතර , පසුව පොලිස් නිලධාරියා තමන්ට පහර දුන් බවට කළ පැමිණිල්ලකට අනුව යාපනය පොලිසිය සිදුකළ විමර්ශනයකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

නඩුව නැවතත් මාර්තු 26 යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට ගැනීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අජිත් පී. පෙරේරා ගෙන් මැතිවරණ පැමිණිල්ලක්

Mohamed Dilsad

සමෘද්ධිලාභින් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් නව ඇමති කියයි

Mohamed Dilsad

රජයේ සහ පෞද්ගලික අංශයේ නිවාඩු 19 දක්වා දීර්ඝ කෙරේ[LETTER]

Mohamed Dilsad

Leave a Comment