ප්‍රමුඛ පුවත 1

ඩුබායිහිදී අත්අඩංගුවටගත් මදුෂ්, අමල් පෙරේරා සහ නදීමාල් ඇතුළු පිරිස රිමාන්ඩ්

(UTV|ඩුබායි) – මත්ද්‍රව්‍ය චෝදනා මත  ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මදුෂ් ඇතුළු 31 දෙනා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සතියක රැඳවුම් නියෝග මත බර් ඩුබායි පොලිසියේ රඳවා සිටි මෙම පිරිස ඊයේ එරට අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහිදී ඔවුන් ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණි.

පසුගිය 04 වනදා සාදයකට සහභාගී වී සිටියදී මාකදුරේ මදූෂ් ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

මාකඳුරේ මදූෂ්ගේ දෙවන බිරිඳගේ පුත‍්‍රයාගේ උපන් දිනය වෙනුවෙන් මෙම සාදය සංවිධානය කර තිබූ බව වාර්තා විය.

එහිදී ඔවුන් කොකේන් මත්ද්‍රව්‍ය ලබාගෙන සිටි බව ඉකුත්දා සිදු කෙරුණු රුධිර සාම්පල පරීක්ෂාවෙන් අනාවරණ වුණි. ඒ අතර ගායන ශිල්පි අමල් පෙරේරා සහ රංගන ශිල්පි රයන් වැන්රෝයන් ද වේ.

කෙසේ වෙතත් ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සම්බන්ධයෙන් අඩු වරදක් සඳහන් වී ඇති බව එහි ගොස් සිටින නීතීඥ ශාබ්දිත වෙල්ලප්පුලි මහතා පවසයි.

ඔවුන් දෙදෙනා සම්බන්ධ ලිපි ගොනු මේ වන විට එරට අභිචෝදනා නිලධාරියා වෙත භාරදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම හදිසියේ ගත් තීරණයක් නොවේ – ඇමති අමරවීර

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 3කට තවදුරටත් නාය යාමේ අවදානම

Mohamed Dilsad

සාපෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් අවසන්

Mohamed Dilsad

Leave a Comment