ප්‍රමුඛ පුවත 1

ත්‍රී රෝද රථ රියදුරන්ට මේ වසරේ සිට නොමිලයේ වෘත්තීය පුහුණුව..

(UTV| කොළඹ) – ත්‍රී රෝද රථ රියදුරන්ට මේ වසරේ සිට නොමිලයේ වෘත්තීය පුහුණුව ලබාදීමට රජය විසින් තීරණය කර තිබෙන අතර එය ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් ක්‍රියාවට නැංවෙනු ඇත.

මෙම වැඩපිළිවෙල “ත්‍රීවිල් එකෙන් ෆෝවිල් එකට“ වැඩසටහන යටතේ ක්‍රියාත්මකයි.

පැය 08 ක් ත්‍රී රෝද රථ රැකියාවේ නිරතවන රියදුරෙක් හයර් දුවනු ලබන්නේ පැය දෙකක කාලයක් පමණි. ඔවුන් පැය හයක් පමණ හයර් ලැබෙන තුරු බලා සිටී.

ජල නල කාර්මික ශිල්පය, විදුලි උපකරණ, ජංගම දුරකතන සහ ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියාව, කොණ්ඩ කැපීම යන ක්ෂේත්‍ර පිළිබඳ මේ යටතේ මූලික දැනුමක් ලබාදීමට නියමිතව ඇත.

ත්‍රී රෝද රථ රියදුරෙකුට වෘත්තීය පුහුණුව ලබාගැනීමට අවශ්‍ය නම් 1951 කෙටි දුරකතන අංකය මගින් ඊට ලියාපදිංචි විය හැකි බව එම අධිකාරිය සදහන් කරයි.

මීට අමතරව නයිටා දිස්ත්‍රික් කාර්යාලයකදී හෝ “නයිටා ශ්‍රී ලංකා“ ෆේස්බුක් පිටුව ඔස්සේ එම වැඩසටහනට ලියාපදිංචි වීමේ හැකියාව පවතියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුද හමුදාපතිවරයා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවෙයි

Mohamed Dilsad

T.P. ජායා සාහිරා විද්‍යාලයට පරිගණක පරිත්‍යාග කරයි

Mohamed Dilsad

අර්ජුන මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කරයි .

Mohamed Dilsad

Leave a Comment