ප්‍රමුඛ පුවත 1

තවත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ‘ඕලුමරා’ අත්අඩංගුවට

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශානක මධුශංක හෙවත් ඕලුමරා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 300 ක් සමඟය.

මෙහිදී ඔහුගෙන් හෙරොයින් මිලදී ගැනීමට පැමිණි සිටි සැකකරුවන් 11 දෙනෙක් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ඊයේ රාත්‍රී කිරිමැටියානවත්ත, ලුණුවිල ප්‍රදේශයේ නිවසකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඕලුමරා නැමති සැකකරු මීට මාස කිහිපයට පෙර අධිකරණයෙන් ඇප මත මුදා හැරි අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අස්වනු ගබඩා කිරීමේ පහසුකම් පුළුල් කිරීමට උපදෙස් [VIDEO]

Mohamed Dilsad

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් හා ජනපති අතර හමුවක්

Mohamed Dilsad

අගමැතිගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව මැයි මාසයේදී

Mohamed Dilsad

Leave a Comment