ප්‍රමුඛ පුවත 1

මාලි රාජ්‍යයේ මිය ගිය ලාංකික විරුවන්ගේ දේහයන් පෙබරවාරි 02 දා දිවයිනට..

(UTV| කොළඹ) – පසුගියදා මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතුවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සිරුරු පෙබරවාරි 02 වැනිදා දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ගුවන් යානයකින් පෙබරවාරි 02 වනදා 03.00 ට මිය ගිය හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට නියමිත බව වාර්තා වෙයි.

මාලි රාජ්‍යයේ ඩුවෙන්සා ප්‍රදේශයේ මුර සංචාරයේ නිරත වූ ශ්‍රී ලාංකික සාම සාධක හමුදා පිරිසක් රැගත් යුධ හමුදා සන්නද්ධ රථයකට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් යුධ හමුදා කපිතාන්වරයෙකු සහ යුධ හමුදා සෙබලෙකු මියගිය අතර තවත් හමුදා සෙබළුන් තිදෙනෙකු තුවාල ලැබීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාබන් බද්දට රජයේ සියලුම වාහනත් යටත් වෙයි…

Mohamed Dilsad

මැතිවරණ කොමිසම ITSSL වෙත දැනුම් දුන් පුවත අසත්‍යක් බව හෙළිවෙයි

Mohamed Dilsad

සාහිත්‍යධරයකු මෙන්ම ප්‍රවීණ පත්‍රකලාවේදියෙකු වූ සුනිල් මිහිදුකුල මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment