ප්‍රමුඛ පුවත 1

වසර 10 කට පසු තී‍්‍රරෝද රථ අනතුරු අවම වෙයි…

(UTV| කොළඹ) – මෙරට සිදුවන යතුරුපැදි සහ තී‍්‍රරෝද රථ අනතුරු වසර 10 කට පසු අඩු වී ඇති බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

එම සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසුවේ සෑම වසරකම සිදුවන රිය අනතුරු අතරින් වැඩිම ප‍්‍රමාණයක් සිදුවන්නේ යතුරුපැදි සහ තී‍්‍රරෝදවලින් බවයි.

එවැනි තත්ත්වයක් තුළ පසුගිය වසරේ යතුරුපැදි සහ තී‍්‍රරෝද රථ අනතුරු අඩුවීම කැපී පෙනෙන තත්ත්වයක් බව මාර්ග ආරක්‍ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ කෝදාගොඩ මහතා,

“යතුරුපැදි සඳහා ප්‍රමිතිය ඇති හිස්වැසුම් පැලඳීමට බොහෝ දෙනා යොමු වීම තුළ අනතුරුවලදී සිදුවන මරණ සංඛ්‍යාව අඩු වූණා. ත්‍රීරෝද රථ වලදී එකම ස්ථානයකදී රථය ක්ෂණිකව හරවා ගැනීමට නොහැකි වන සේ ලොක් සවිකිරීම, අලුතින් පැමිණෙන ත්‍රීරෝද රථවල ඉදිරිපස රෝදය අංශක 43 සිට 38 දක්වා අඩු කිරීම ආදී තාක්ෂණික ක්‍රියාමාර්ග රාශියක් ගත් නිසා අනතුරු අඩු කර ගැනීමට හැකියාව ලැබුණා.”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බණ්ඩාරනායක මාවතේ පුද්ගලයින් 1010 ක් නිරෝධායනයට

Mohamed Dilsad

මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයෙක් ඝාතනය කෙරේ [VIDEO]

Mohamed Dilsad

ප්‍රභූ වාහන ගමන් කිරීමේදී අවහිර වන පරිදි මාර්ග වැසීමෙන් වළකින්න – ජනාධිපති.

Mohamed Dilsad

Leave a Comment