ප්‍රමුඛ පුවත 1

මධ්‍යම අධිවේගයේ පළමු අදියර මේ වසරේදී විවෘත කෙරේ .

(UTV| කොළඹ) – කිලෝමීටර 40 ක දුරකින් යුක්ත කුරුණෑගල සිට මීරිගම දක්වා වන මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ කොටසක් මේ වසර තුළ විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අදාළ දුර ප්‍රමාණය ගමන් කිරීමට ගතවන්නේ විනාඩි 20ක් වැනි කාලයකි.

දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි ඉදි කෙරෙන අධිවේගී මාර්ග පද්ධතිය වසර 2025 දී අවසන් කිරීමටත් නියමිතව ඇත.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉන් ප්‍රමුඛ වන අතර එය අදියර දෙකකින් සමන්විතය.

පළමු අදියර කඩවත සිට දඹුල්ල දක්වා ක්‍රියාත්මක වන අතර පොතුහැර සිට මහනුවර දක්වා කොටස ද ඊට අයත් වේ. උතුරු හා නැගෙනහිර පළාත් යා කෙරෙන්නේ, ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේයි.

ජනතාවගේ පහසුව වෙනුවෙන් මීරිගම සිට පස්යාල හරහා නිට්ටඹුව දක්වාත්, සංවර්ධනය කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණයේදි කල්පනා කර බලා තීන්දුවක් ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

වධ හිංසා වැළැක්වීමේ ජගත් සංවිධාන සමාජිකයින් අද දිවයිනට

Mohamed Dilsad

කුඩු ජාවාරම්කරුගේ දුරකථනයේ බන්ධනාගාර නිලධාරීන් 08කගේ අංක

Mohamed Dilsad

Leave a Comment