ප්‍රමුඛ පුවත 1

වතුකම්කරුවන් උද්ඝෝෂණයේ

(UTV| කොළඹ) – වතු කම්කරුවන් ස්ථාන කිහිපයකම වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වූ බව වාර්තාවේ.

ඒ තම දෙෙනික මුලික වැටුප රු 1000 ලෙස වැඩි කර දෙන ලෙස වතු සමාගම්වලට බල කරමිනි.

අප වාර්තාකරුවන් පැවසුවේ හැටන් ,බගවන්තලාව යන යන පොලිස් වසම් වලට අයත් ඇතැම් තේ වතු කම්කරුවන්  අද(23) වැඩ වර්ජනයක නිරත වෙමින් ප්‍රධාන මාර්ග වලට පිවිස කළු කොඩි අතැතිව උද්ඝෝෂන ව්‍යාපාරවල නියැලුණි.

වතු කම්කරුවන් කියා සිටින්නේ තම දෛනික මූලික වැටුප රු 1000 දක්වා වැඩි කර දෙන බවට වතුකරයේ වෘත්තිය සමිති නායකයින් පොරොන්දු වීම නිසා එම වෘත්තිය සමිති නායකයින්ගේ ඉල්ලීම පරිදි වැඩ වර්ජනයකද නිරත වු බවයි.

එම නායකයින් තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කර දීමට තවදුරටත් කටයුතු නොකිරීම හේතුව මත තමන් වැඩ වර්ජනය කරමින් මෙසේ උද්ඝෝෂණ ව්‍යාපාර වල නිරත වන බවද උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේය.

විරෝධතාවට එක්වු වතු කම්කරුවන් ඉහල ගොස් ඇති බඩු මිළට සාපේක්ෂව දෛනික වැටුප  වැඩි කරන ලෙස රජයට බල කරමින් මෙම විරෝධතාව පවත්වන බවත් තමන්ට ලැබෙන දෛනික වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නොවන බවත් මේ සඳහා එක්වු වතු කම්කරුවන් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Facebook,Messenger,Instagram,WhatApp බිඳ වැටෙයි

Mohamed Dilsad

වැල්ලම්පිටියේදි ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සරසවි අනධ්‍යයන සේවකයන් පිරිසක් අද සංකේත වැඩ වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment