ප්‍රමුඛ පුවත 1

රාගම ශික්ෂණ රෝහලේ නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ

(UTV| කොළඹ) – රාගම ශික්ෂණ රෝහලේ ඉදිකරන ලද නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පස්වරුවේ විවෘත කරයි.

මේ සදහා වැයකර ඇති මුළු මුදල රුපියල් මිලියන 1400 කි.

ඉංජිනේරුමය කාර්යන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත.

මෙම ඒකකය සදහා ශල්‍යාගාර 07 ක් , දැඩි සත්කාර ඒකකයක්, විශේෂ ප්‍රතිකාර ඒකකයක්, ප්‍රාථමික සත්කාර ඒකකයක් සහ ශල්‍ය වාට්ටු 06 කින් මෙම ඒකකය සමන්විත වෙයි.

මෙම රෝහලෙන් වාර්ෂිකව රෝගීන් 140,000 ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, බාහිර රෝගී අංශයෙන් වාර්ෂිකව ප්‍රතිකාර ලබාගන්නා සංඛ්‍යාව දල වශයෙන් 540,000 ක් පමණ වන බවත් වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

විපක්ෂ නායකවරයෙක් නොමැතිව ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයෙන් ජිවිත අහිමිවූ පුද්ගලයන් ගැන දැනුම්දීම සඳහා දුරකථන අංක 03 ක්

Mohamed Dilsad

Leave a Comment