ප්‍රමුඛ පුවත 1

නාවික හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක ධුරයට ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර

(UTV| කොළඹ) – නාවික හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක තනතුරට ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පත්කර ඇත.

මීට පෙර එම තනතුරේ කටයුතු කරනු ලැබූ කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතාට හිමිවූ නව පත්වීමක් හේතුවෙන් ලැබූ ස්ථාන මාරුවීම හේතුවෙන් මෙම නව පත්වීම සිදුකර ඇත.

මාධ්‍ය ප්‍රකාශක ධුරයට පත්වීමට පෙර ඉසුරු සූරියබණ්ඩාර මහතා නාවික හමුදා මූලස්ථානයේ විදේශ සබඳතා මාණ්ඩලික නිලධාරී ලෙසට කටයුතු කර ඇත.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ඉසුරු සූරියබණ්ඩාර මහතා 2006 වසරේදී නාවික හමුදාවට එක්වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ ජීවිත ගොඩනගන්න රැකියා විසි පන්දහසක් – ඇමති රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

පොලිසියේ රාජකාරි හමුදාවට පැවරීම ගැටළුවක් [VIDEO]

Mohamed Dilsad

නව ස්‌මාර්ට්‌ හැඳුනුම්පත මැයි මාසයේ සිට නිකුත් කෙරෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment