ප්‍රමුඛ පුවත 1

‘ශ්‍රී ලංකාවේ ජලභීතිකා පාලන ක්‍රමවේදය ප්‍රශංසනීයයි’ඉන්දියාව කියයි

(උදයම්,කොළඹ)   – ශ්‍රී ලංකාව තුළ පවතින අයාලේ යන සතුන් හේතුකොට ගෙන උද්ගතව පවතින අර්බුධකාරී තත්වයන් පාලනය කිරීමට ක්‍රියාත්මක කර තිබෙන ක්‍රමවේදයන් ඉතාම  ඉහළ මට්ටමක පවතින බවත් අවිහිංසාවාදය  තුළින් සමාජීය ගැටළු විසඳීමට කටයුතු කිරීමෙන් දීර්කාලීන යහපත් ප්‍රතිපල ළඟා කර ගත හැකි බවත් ඉන්දීය කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍ය මේනකා ගාන්ධි මහත්මිය ප්‍රකාශ කර සිටියි.

දෙදින නිළ සංචාරයක් ආරම්භ කරමින් එහි සිටින පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිතුමන් සමඟ නිළ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේනකා ගාන්ධි මහත්මිය  මෙසේ ප්‍රකාශ කළාය.

“දකුණු ආසියානු කලාපය තුළ මෙසේ අයාලේ යන සතුන් හේතු කොට ගෙන ඇතිවන සමාජමය අර්බුදය ඉතාම භයානක තත්වයකින් පවතිනවා. එය පාලනය කිරීමට අවිහිංසාවාදී ක්‍රමවේද භාවිතා කළ යුතුයි. ශ්‍රී ලංකාව තුළ මේ සඳහා ඉතාම ප්‍රායෝගික වැඩ පිළිවෙලක් භාවිතා කරන බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිතුමන් සමඟ පැවතී සාඛච්ඡාවේදී පැහැදිලි වුණා. එතුමන් එම අර්බුදය පිළිබඳව ඉතාම හොඳ අවබෝධයෙන් කටයුතු කළ බව පැහැදිලියි. ඉන්දියාවේ පවතින මෙම තත්වය පාලනය කරන්න මම එතුමාගෙන් සහය ඉල්ලුවා. එතුමා ඒ සඳහා සහය දෙන්න කැමැත්ත පළ කළා.”

සාර්ක් කලාපීය රටවල පවතින අයාලේ යන සතුන්, විශේෂයෙන් සුනඛයින් හේතු කොට ඇතිවන සෞඛ්‍ය හා වෙනත් සමාජමය ගැටළු විසඳීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලකට අවතීර්ණ වීමේ අවශ්‍යතාවය මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයට ලක්වූ අතර ඒ සඳහා සියලු සාර්ක් රටවල් සමඟ එක්ව කටයුතු කිරීම තුළින් විසඳුම් සෙවිය හැකි බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අදහස වූ බව හෙතෙම පැවසීය. එමෙන්ම ලාංකික නිලධාරීන්ට මෙම අර්බුදකාරී තත්වය පිළිබඳව විශේෂ පුහුණුවක් ලබා දීමට මෙහිදී ගාන්ධි මහත්මිය එකඟතාවය පළ කරන ලදී.

Related posts

සම්භාණ්ඩ කර්මාන්තයේ පුළුල් සංවර්ධනයක්- කෝටි 1,848 ක ආදායමක්

Mohamed Dilsad

රජයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

වයඹ පළාතටම ඇඳිරි නීතිය පැනවෙයි..

Mohamed Dilsad

Leave a Comment