ප්‍රමුඛ පුවත 1

ගල්කිස්ස අධිකරණයට ගිනි අවි රැගෙන ඒමට සම්බන්ධ 20ක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – ගල්කිස්ස අධිකරණයට ගිනි අවි රැගෙන ආ සිද්ධියට අදාළව 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 16 දෙනෙකු රත්මලාන , වැටකෙයියාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවත්, ඉන් එක් පුද්ගලයෙකු විසින් අධිකරණ භූමියට ගිනි අවි රැගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණව වී තිබේ.

එම ගිනි අවි වෙඩි තැබීම සඳහා සූදානම් තත්ත්වයේ තිබී ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශන වලින් අනාවරණය වී ඇත.

සොයාගන්නා ලද ගිනි අවි දෙක ඇඟිලි සළකුණු දත්ත වාර්තා ලබාගැනීමට සහ විද්‍යාත්මක පරීක්ෂණයන්ට ලක් කිරීම සඳහා අපරාධ වාර්තා කොට්ඨාශයට භාර දී තිබේ.

මෙම ගිනි අවි රැගෙන එන ලද්දේ කුමන අපරාධයක් සිදුකිරීම සඳහාද, ගිනි අවි රැගෙන ආ පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ගල්කිස්ස අධිකරණයෙන් හමුවූ ගිනි අවි පාතාල කල්ලි නායකයෙකු වන දේමුණි හැරල්ඞ් රෝහණ හෙවත් ගොනාකෝවිලේ රොහා නැමැත්තා ඝාතනයට ගෙනා ආවේද යන්න පිළිබඳව මේවනවිට සැක මතුවී ඇති බවද පොලීසිය පවසයි.

Related posts

ආවා කල්ලියේ ප්‍රබලම සාමාජිකයින් 06 ඇල්ලු පොලිස් නිලධාරීන්ට ත්‍යාග…

Mohamed Dilsad

ලොව ලාබාලතම ගවේෂණාත්මක පරිසර ග‍්‍රන්ථ කතෘවරයා ලංකාවෙන්…

Mohamed Dilsad

ටියැංගොන් කඩා වැටීම ලංකාවට බලපායිද?

Mohamed Dilsad

Leave a Comment