ප්‍රමුඛ පුවත 1

හිමිනමක් ඇතුලූ තිදෙනෙකු පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට

(UTV| කොළඹ) – නාරාහේන්පිට ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් ඇතුලූ තිදෙනෙකු පැහැර ගැනීම සහ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් සමාධි බුදු පිළිමයක් කොල්ලකෑමේ සිද්ධියකට අඳාල පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 9 වනදා මෙම පැහැර ගැනීම සිදු විය.

පොලිසිය පැවසුවේ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගත් බවයි.

පැහැරගනු ලැබූ හිමිනම ඇතුලූ තිදෙනා සිටියදී පසුව පොලිසිය සොයාගෙන තිබේ.

මෙම සැකකරුවන් සතුව තිබූ කොල්ලකන ලද රන් පැහැති බුද්ධ ප්‍රතිමාවක්, පුස්කොළ පොත් 5ක්, වාලම්පුරියක්, ඩිෆෙන්ඩර්  රථයක් සහ ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සිට කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

මැතිවරණ කටයුතු බලන්න ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

Mohamed Dilsad

අධ්‍යාපනය උදෙසා සුවිශේෂී ආයෝජනයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment