ප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු 23 ඇරඹේ

(UTV| කොළඹ) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය  පෙල විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23 වන දින සිට ආරම්භ කිරීමට නියමිතය.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ අදියර දෙකක් යටතේ උත්තර පත්‍ර  ඇගයීම් කටයුතු සිදු කිරීමට නියමිත බවයි.

මෙහි පළමු අදියර ලබන 23 වන දින සිට ජනවාරි 01 වන දින දක්වා සිදු කෙරේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සඳහන් කළේ දිවයින පුරා පිහිටි පාසල් 107කදී පළමු අදියරේ
ඇගයීම් කටයුතු සිදු කිරිමට නියමිත බවයි.

ඒ සදහා ගුරුවරුන් පුහුණු කිරිමේ සැසිවාර ලබන 18,19,20 සහ 21 යන දිනවලදී කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වේ.

සාමාන්‍ය පෙල විභාගයේ දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ජනවාරි  මස 08 වන දින සිට 17 වන දින දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇත.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය පසුගිය දෙසැම්බර් 03 වන දින ආරම්භ වූ අතර ඊයේ දිනයෙන් අවසන් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශී‍්‍ර ලංකා – දකුණු කොරියානු ජනපතිවරු අතර නිල හමුවට පෙර අනපේක්ෂිත මිත‍්‍රශීලි හමුවක්

Mohamed Dilsad

මරණ දඩුවමට විරුද්ධයි – යුරෝපා සංගමයෙන් යළිත් දැනුම් දීමක්

Mohamed Dilsad

වතුර වලකට වැටී තරුණයින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment