ප්‍රමුඛ පුවත 1

තීන්දුව කඩිනම් කරන්නැයි ජනපති කළ ඉල්ලීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව කඩිනමින් ලබා දෙන ලෙසට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇතැයි කියන සිද්ධිය අධිකරණයේ ස්වාධීනත්වයට, අධිකරණයේ නිසි ක්‍රියාදාමයට බලවත් අගතියක් බව නීතිඥ අරුණ ලක්සිරි අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කරමින් දන්වා සිටියි.

අදාළ පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව කඩිනමින් ලබා දෙන ලෙසට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇතැයි තමා මාධ්‍ය වාර්තා මගින් දැනගත් බව නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් අවසන් තීරණය සියලු කරුණු විමසා බලා ලබා දෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බව නීතිඥ අරුණ ලක්සිරි පවසයි.

ඊයේ (10) දිනයේ කථානායකවරයාට එරෙහිව පෙත්සමක් ගොනු කළේද නීතිඥ අරුණ ලක්සිරි විසිනි.

ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අවස්ථාවකදී පාර්ලිමේන්තුව කැදවීමට කටයුතු කිරීමෙන් එම නඩු කටයුතු බලපෑමක් ඇති කිරීමට කථානායකවරයා කටයුතු කර ඇති බවට චෝදනා කරමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කන්තලේ ප්‍රදේශ කිහිපයකට හෙට ජලය අත්හිටුවයි

Mohamed Dilsad

පොහොර ප්‍රශ්නය අද රාත්‍රියේ විසඳෙනවා – අමාත්‍ය දයාසිරි

Mohamed Dilsad

අතරමැදියන්ට හසු නොවන්න,ජපන් රැකියා වලට අයදුම් කරන හැටි මන්ත්‍රී මනුෂ කියයි

Mohamed Dilsad

Leave a Comment