ප්‍රමුඛ පුවත 1

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන බව ජනපති කියයි

(UTV| කොළඹ) – නව රජය යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන් හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (29) පෙරවරුවේ තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේ දී පැවති ජාතික වප් මඟුල් උත්සවය අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දේශපාලන නායකත්වයක් සහ මඟපෙන්වීමක් නොමැතිකමින් අද පළාත් සභා 06 ක නිලධාරින් අසරණ වී ඇති බවයි. චක‍්‍රලේඛ සමඟ නිලධාරින්ට සේවය කළ හැකී සීමාවක් පවතින අතර ඉන් ඔබ්බට ගොස් ජනතාවාදී යහපත් සේවාවක් වෙනුවෙන් දේශපාලන නායකත්වයක් අවශ්‍ය බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

එබැවින් හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව හෙට හෝ අනිද්දා මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා පවත්වන බව ජනාධිපතිතුමා කියා සිටියේ ය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ උතුරේ ද දකුණේ ද සියලු ජනතාවගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම අත්‍යවශ්‍ය බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටේ ආරක්‍ෂාව ගැන කාන්තාවන්ගෙන් ඉල්ලීම්

Mohamed Dilsad

කුවේට්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට ලබාදී තිබු පොදු සමා කාලය අවසන්

Mohamed Dilsad

නව සන්ධානයේ ලාංඡනය ගැන තීරණය මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු

Mohamed Dilsad

Leave a Comment