ප්‍රමුඛ පුවත 1

මහජන බැංකුවට සහ ලංකා බැංකුවට නව සභාපතිවරුන් පත්කිරීම අද

(UTV| කොළඹ) – මහජන බැංකුවට සහ ලංකා බැංකුවට නව සභාපතිවරුන් අද (25) දිනයේදී පත්කිරීමට නියමිත බවත් ඊට අදාළ නම් ජනාධිපති කාර්යාලයෙන් යෝජනා වී ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවා විතාරණ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මහජන බැංකුවට ආචාර්ය දමිතා ද සොයිසා සහ ලංකා බැංකුවට සුජාතා කුරේ යන මහත්මීන් දෙදෙනා පත් කිරීමට නියමිත බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ආචාර්ය දමිතා ද සොයිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරියක වන අතර සුජාතා කුරේ මහත්මිය මහාමාර්ග අමාත්‍යංශයේ හිටපු ලේකම්වරියක්ද වෙයි.

කෙසේවුවද ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් පෙරේරා මහතාට එම තනතුරෙන් ඉවත් නොවන ලෙසට එජාප ප්‍රධානින් විසින් දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මනම්පිටියේ ගිනි ගත් බෝට්ටු හිමියන්ට පොලී රහිත ණය

Mohamed Dilsad

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

කොළඹ මාර්ගයක ගිලා බැසීමක්

Mohamed Dilsad

Leave a Comment