ප්‍රමුඛ පුවත 1

නාමල්ගේ සහ නාලකගේ හඬ පට ගැළපෙන බව CIDය අධිකරණයට දැනුම් දෙයි

(UTV| කොළඹ) – රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ දුරකථන සංවාද ඇතුළත් හඬ පට 124 න් 123 ක ඔවුන්ගේ කටහඬ ඇතුළත් බව තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (23) අධිකරණයට දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා සහ  හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පසුගියදා තොරතුරු අනාවරණය කළේය.

ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමඟ සිදු කළ දුරකතන සංවාදයක් උපුටා දක්වමිනි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ ආරම්භ කළ අතර අදාළ දුරකතන සංවාදය සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාගේ කටහඬ සාම්පල් ලබා ගැනීමට ද පියවර ගත්තේය.

රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව මඟින් කටහඩ සාම්ල ලබාගත අතර ඒවා පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේය.

ඒ අනුව හඬපටවල ඇතැම් කොටස් විනාශ වී ඇත්දැයි සෙවීමට ජාත්‍යන්තර සහය ලබාගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කළේය.

කෙසේ වෙතත් හඬ පට 124 න් 123ක් නාලක ද සිල්වාගේ හා නාමල් කුමාරගේ බවට අනාවරණය වු බව අද(23) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වෙත දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගත වූ පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 193 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නව ෆේස්බුක් පිටුවක්.

Mohamed Dilsad

ලොකු ලූණු හිඟය පිළිබඳව අවධානය

Mohamed Dilsad

Leave a Comment