ප්‍රමුඛ පුවත 1

මත්තල ගිය චීන ගුවන් යානය

(UTV| කොළඹ) –  කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීමට පැමිණි චීන ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගනී.

ඒ ඊයේ (04) දින රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට ඇති වී තිබූ අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වය නිසා බව වාර්තාවේ.

මෙම ගුවන් යානය චීනයේ ෂැං ඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයට අයත් CA 425 දරන ගුවන් යානය වන අතර එහි මගීන් 166 ක් සහ කාර්යය මණ්ඩලය 13 ක් සිට තිබෙනවා.

මෙම ගුවන් යානය රාත්‍රී 9.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීමට පැමිණියත් ඒ වනවිට ගුවන් තොටුපොළ අවට පැවති අධික වැසි සහ අකුණු සහිත අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් එම ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබේ.

ඒ අනුව එම ගුවන් යානය රාත්‍රී 10.30 ට එහි ගොඩ බස්සවා ඇත.

පසුව එම ගුවන් යානය තුළ සිටි මගීන් යානයෙන් පිටතට නොබැස සිටි අතර යානයට අවශ්‍ය ඉන්ධන ලබා දී ල යළිත් එම ගුවන් යානය අද (05) අලුයම 12.30 ට කටුනායක ගුවන් තොටුපොළ බලා මත්තල ගුවන් තොටුපොළෙන් පිටත්ව එම යානය 1.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශී‍්‍ර ලාංකික දෙමළ සරණාගතයින් 83 ක් යළි දිවයිනට…

Mohamed Dilsad

ජනාධිපතිවරණයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 297ක්

Mohamed Dilsad

වාහන මිළ ඉහල යයි.

Mohamed Dilsad

Leave a Comment