ප්‍රමුඛ පුවත 1

2019 අයවැයට යෝජනා භාර ගැනේ

(UTV| කොළඹ) –  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය නොවැම්බර් මස 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඒ ශක්තිමත් ආර්ථිකයක් සහ සාරවත් දේශයක් යන තේමාව යටතේය.

එය වඩා ජනතාවාදී අයවැයක් බවට පත් කිරීමේ අපේක්ෂාවෙන් ජනතා අදහස් ලබා ගැනීම දැන් ආරම්භ කර තිබේ.

ඊට යෝජනා ඉදිරිපත් වෙමින් පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

වෘත්තිකයන්ට, විද්වතුන්ට, නිෂ්පාදන, සේවා හා කෘෂිකාර්මික අංශයේ නියැලි පුද්ගලයන්ට සහ මහජනතාවට මේ සඳහා තව දුරටත් යෝජනා අදහස් ලබා දිය හැකි බව මුදල් අමාත්‍යංශය නිවේදනය කර ඇත.

මෙම යෝජනා පහත සඳහන් ලිපිනයට හෝ විද්යුදත් තැපෑලට ඔක්තෝබර් මස 12 වැනි දින හෝ එදිනට පෙර යොමු කළ යුතු අතර ඒවා

අධ්‍යක්ෂ ජනරාල්, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව,මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය,මහ ලේකම් කාර්යාලය, කොළඹ යන ලිපිනයට හෝ prasangika.hg@tipd.treasury.gov.lk යන විද්යුත් තැපෑලට යොමු කළ යුතු වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කර්මාන්ත කලාප තුළින් විශාල දියුණුවක් ඇති වෙනවා- අගමැති

Mohamed Dilsad

ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කෝප් කමිටුව අද විශේෂ සාකච්චාවක.

Mohamed Dilsad

බේකරි නිෂ්පාදන අඩු කිරීමේ සුදානමක්

Mohamed Dilsad

Leave a Comment