Trending News

“ශ්‍රී ලංකාවේ ගැටලු විසඳන්න විදෙස් බලපෑම් අනවශ්‍යයි” – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලෝක ප්‍රජාවට ඇරයුම් කරයි

UTV | COLOMBO – සන්නද්ධ ගැටුම් අවසන්ව වසර 10 ක් ඉක්ම ගොස් පශ්චාත් යුද සමයක වගකීම් ද මැනවින් ඉටුකරමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකා මාතෘ භූමිය දෙස නව මානයකින් බලන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලෝක ප්‍රජාවට ඇරයුම් කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ  73 වන සැසිවාරයේ ප්‍රධාන සැසිය අමතමිනි.

ශ්‍රි ලංකා වේලාවෙන් අද (26) අළුයම ජනාධිපතිතුමා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරනු ලැබීය.

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් පුළුල් වගකීමක් ඉටුකළ සහ ඉටුකරමින් සිටින රටක් ලෙස මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලූ රාජ්‍යයන්වල සහයෝගය ශ්‍රී ලංකාව තවදුරටත් අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

ඉකුත් වසර තුන හමාරක කාලය තුළ පශ්චාත් යුද සමයක ඉටුකළ යුතු වගකීම් ඉටුකිරීමට කැපවූ ශ්‍රි ලංකා රජය ජාතික සමගිය, සංහිඳයාව සහ රට තුළ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම අරමුණු කරගනිමින් පුළුල් වැඩකොටසක් ඉටුකළ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

අපගේ ආරක්ෂක හමුදාවන් විසින් පරාජය කරනු ලැබුවේ ලොව ප්‍රබල ත්‍රස්ත සංවිධානයක් වන අතර අද ශ්‍රී ලංකාව නොබෙඳුන රටක් බවට පත්ව ඇත්තේ විරෝධාර රණවිරුවන් ඉටුකළ එම යුග මෙහෙවර නිසා බව කියා සිටි ජනාධිපතිතුමා රටේ ඒකීයභාවය සුරැකීම වෙනුවෙන් ආරක්ෂක හමුදාව සිදු කළ එම කැපවීම  සැමදා ගෞරවයෙන් සිහිපත් කරන බව ද සඳහන් කළේය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරියේ ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ රටක ස්වාධීනත්වය ඉතා වැදගත් බවයි.

Related posts

முத்தையா முரளிதரன் வெளியிட்ட அதிரடி கருத்து

Mohamed Dilsad

Bangladesh make Street Child Cricket World Cup Semis

Mohamed Dilsad

Transparency International commends Bribery Commission for tackling corruption

Mohamed Dilsad

Leave a Comment