ප්‍රමුඛ පුවත 1

සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 02 දක්වා ජාතික මදුරු මර්දන සතියක්

(UTV| කොළඹ) – ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමග ඉහල යා  හැකි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කීරීමේ අරමුණින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිලිබද ජනාධිපති කාර්‍යය සාධක බලකාය ඒකාබද්ධව “ජාතික මදුරු මර්දන සතියක් 2018 සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 02 දක්වා” ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. 

 

මාධ්‍ය නිවේදනය – ජාතික මදුරු මර්දන සතිය, 2018 සැප්තැම්බර්/ ඔක්තෝබර් “ඩෙංගු වලින් තොර රටක්”

2018 වර්ෂය තුල ඩෙංගු රෝගීන් වාර්ථාවීමේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරයි. මෙය 2017 වර්ෂය සමග සැසදීමේදී 70% පමණ අඩුවීමකි. මේ තත්වය ලගා කර ගැනීම සදහා ප්‍රජා දායකත්වය වැදගත් සාධකයක් විය. තිරසාර ඩෙංගු මර්දනයක් සදහා මෙම තත්වය පවත්වා ගැනීම ඉතා වැදගත්වේ.

දිවයින පුරා සිදු කරනු ලබන පරිශ්‍ර පරීක්ෂණ වාර්තා අනුව, මදුරුවන් බෝවිය හැකි ස්ථාන තව දුරටත් පවතින බව වාර්ථාවේ. පාසල් සහ ඉදිකිරීම් පරිශ්‍ර ආශ්‍රිතව මෙම තත්වය වඩාත් දැඩි බව හදුනාගෙන ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගෙන ඉදිරි ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමග ඉහල යා හැකි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කීරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිලිබද ජනාධිපති කාර්‍යය සාධක බලකාය ඒකාබද්ධව “ජාතික මදුරු මර්දන සතියක් 2018 සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 02 දක්වා” දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 175ක ක්‍රියාත්මක කිරීමට කටයුතු සලසා ඇත. මෙම සතිය තුලදී තෝරාගත් අවදානම් කලාප වල පරිශ්‍ර පරීක්ෂාව සිදු කිරීමට බලාපොරොත්තුවේ.

මෙම පරිශ්‍ර පරීක්ෂණ කටයුතු සදහා ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම්,සාමාජිකයන් 6000කගේ දායකත්වය ලබාගන්නා අතර ගම් මට්ටමින් ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන්ගේද සහයෝගය ලබාගැනේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උප පොලිස් පරීක්ෂකවරුන් 3029කට උසස්වීම්

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගනී

Mohamed Dilsad

කළමැටිය ධීවර වරායේ ගින්න පිලිබදව  විශේෂ විමර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment