ප්‍රමුඛ පුවත 1

ඊයේ රාත්‍රියේ ඉහළ ගිය ඉන්ධන මිල

(UTV| කොළඹ) –  යළිත් වරක් ඉන්ධන මිල ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.

ඒ මිල සූත්‍රයට අනුවය.

මේ අනුව ඊයේ(10) මධ්‍යම රාත්‍රී  සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින්ද, රුපියල් 145ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 149ක් වන අතර රුපියල් 157ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 161ක් වෙයි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 118 සිට රුපියල් 123 දක්වා රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින් ඉහළ දමා ඇති අතර ඒ අනුව රුපියල් 130ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල අද(11) දිනයේ සිට රුපියල් 133ක් ලෙස දැක්වෙයි.

ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිලෙහි සිදුවන සංශෝධනයට අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරිම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පසුගියදා මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ලැබීය.

ඒ අනුව සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සංශෝධනය කිරීම සිදුවෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාන්තාවන්ට වෙන්වූ දුම්රිය මැදිරිය 8වනදා සිට

Mohamed Dilsad

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැරදි 275ක් [VIDEO]

Mohamed Dilsad

මගීන් පුරවාගෙන නතරවූ දුම්රිය යළි පණගැන්වූ සිසුවා

Mohamed Dilsad

Leave a Comment