ව්‍යාපාරික

සංචාරකයන්ගේ වර්ධනයක්…අගෝස්තුවේ ලක්ෂ 02 ක් ලංකාවට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන වාර්තාවලට අනුව 2018 අගෝස්තු මාසය තුළදී 200,359 ක විදෙස් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙම සංගණනය පසුගිය 2017 වසරේ අගෝස්තු මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වූ 190,928 හා සැසඳීමේ දී 4.9% ක ඉහළ යාමක්.

අගෝස්තු මාසයේ මෙම දත්ත සමඟින් වසරේ මුල් මාස 08 තුළදී මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් ගණන 1,582,835 ක් ලෙසින් වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණ ඇති රටවල් ලෙසින් පිළිවෙලින් ඉන්දියාව, චීනය හා එක්සත් රාජධානිය වාර්තා වෙයි.

Related posts

වාහන ආනයනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

කැරට් කිලෝව 4000යි ; ලීක්ස් කිලෝව 4000යි

Editor O

ආපදාවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට අමාරුයි | විදේශ ණය ගෙවීම් අත්හිටුවන්න | ලෝක ආර්ථික විශේෂඥයින් 120ක කමිටුවකින් දැනුම්දීමක්

Editor O

Leave a Comment