ප්‍රමුඛ පුවත 1

සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්..

(UTV| කොළඹ) – සමෘද්ධි ප්‍රතිලාභ නොලබන අඩු ආදායම්ලාභි පවුල් 150,000 කට අලුතින් සමෘද්ධි ප්‍රතිලාභ හිමිවීමට නියමිතව ඇත.

සමෘද්ධි සහනාධාර ලැබීම සඳහා සුදුසුකම් ඇති රට පුරා සිටින සියලු ජනතාවට සමෘද්ධි සහනාධාර ලබාදීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (07) පොළොන්නරුවේදී ආරම්භ වීමට නියමිතය.

පළමු අදියර යටතේ නව ප්‍රතිලාභීන් 1500 කට අද සමෘද්ධි සහනාධාර ලබාදීම පොළොන්නරුවේදී සිදුකරනු ඇත.

මාස 06 ක් ඉක්මයාමට ප්‍රථම දිවයිනේ සියලු සුදුසුකම් ලාභින් වෙත සමෘද්ධි සහනාධාර ලබාදීමටද නියමිතව ඇත.

Related posts

පූජිත් ජයසුන්දරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ගනියි

Mohamed Dilsad

එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

හජ් වන්දනා කෝටාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment