ප්‍රමුඛ පුවත 1

සියලු රාජ්‍ය ආයතන හරිත බලශක්තියෙන් පණ ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළ අද

ශ්‍රී ලංකාව හරිත බලශක්තියෙන්  පණ ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළ අද  (09) දින ආරම්භ කිරීමට නියමිතය.

මෙම ජාතික වැඩපිළිවෙළ යටතේ සියලු රාජ්‍ය ආයතන සූර්ය බලශක්තියට පරිවර්තනය කරන අතර එහි පළමු අදියර අද  පෙරවරු 8.00ට මුදල් අමාත්‍යාංශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ .

ඉදිරි වසර දෙකක කාලය තුළ රජයේ සියලු ගොඩනැගිලි සූර්ය බලය වැනි හරිත බලශක්ති ප්‍රභවයන්ට පරිවර්තන කිරීම රජයේ අරමුණයි.

එහි ආරම්භක පියවර ලෙස මෙවර අයවැය මගින් රුපියල් මිලියන 350ක මුදලක් ඊට වෙන් කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තිරසාර සංවර්ධන වැඩපිළිවෙළ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කඩිනම් ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය යටතේ මෙම සූර්යබල  ශක්තියට පරිවර්තනය කිරීම දිවයින පුරා ප්‍රචලිත කෙරෙනු ඇත.

බලශක්ති අර්බුදයට පිළිතුරක් ලෙස හරිත බල  ශක්තිය සම්බන්ධයෙන් මුළු ලෝකයේ ම අවධානය යොමුව ඇති මොහොතක 2017 අයවැය මගින් ශ්‍රී ලංකාව ද ඊට සාර්ථක ප්‍රවේශයක් ලබා දී තිබේ.

රුපියල් 2,000කට වැඩි මාසික විදුලිය බිල්පතක්  ගෙවන පාරිභෝගික ජනතාවට සිය බලශක්ති ප්‍රභවය හරිත බලශක්ති ප්‍රභවයක් වෙත පරිවර්තනය කර ගැනීම සඳහා රජය පහසුකම් සලසයි. මේ සඳහා රුපියල් 150,000ක් දක්වා වන ණය මුදලක් ලබා දීමට කටයුතු කෙරෙන අතර බැංකු පොලියෙන් 50%ක මුදලක් රජය විසින් දැරීමට අපේක්ෂා කෙරේ.

මේ සඳහා 2017 අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1,500ක් බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ අලුත්ම තත්වය …

Mohamed Dilsad

සංවර්ධන ලොතරැයියෙන් ජනාධිපති අරමුදලට කෝටි 200ක්.

Mohamed Dilsad

එ.ජා.පයට ලංකා කම්කරු කොංග්‍රසයේ සහය

Mohamed Dilsad

Leave a Comment