ප්‍රමුඛ පුවත 1

ජොන්ස්ටන් ප්‍රානාන්දු ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

(UTV| කොළඹ) – හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රානාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් එම නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ අද (03) නියෝග කළේය.

ඒ පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයට සතොස මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේය.

අදාළ නඩුව කුරුණෑගල මහාධිකරණය හමුවේ අද (03) විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණි.

මේ අනුව හිටපු අමාත්‍යවරයාට අමතරව හිටපු සතොස සභාපති නලීන් ප්‍රනාන්දු හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන මොහොමඩ් සකීර් යන අය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහාධිකරණය නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සතොස බඳවා ගැනීමේ සහ උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදය විධිමත් කරයි

Mohamed Dilsad

පියල් නිශාන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

Mohamed Dilsad

මිල්හාන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් ඉවහල් වුනා – ඉන්ටපෝල්

Mohamed Dilsad

Leave a Comment