ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

සූරියවැවට ජාත්‍යන්තර තරඟ නොදෙන්නේ ඇයි? ක්‍රීඩා ඇමති කියන කතාව

(UTV| කොළඹ) – සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ජාත්‍යන්තර ක්‍රිකට් තරග ලබානොදීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරග සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයට ලබාදීමට කටයුතු කරන බවත් පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා දිනපතා ප්‍රවෘත්ති පත්‍රයකට ප්‍රකාශ කර තිබේ.

තමා ළඟදීම සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය පරීක්ෂා කර එහි තිබෙන අඩුපාඩු සොයා බලා කඩිනමින් ඒවාට විසඳුම් ලබාදීම සඳහා බලධාරීන් දැනුවත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කාලයක් හොඳින් තරග පැවැත්වූ බව තමා පිළිගන්නා බවත් නැවත ඒ ආකාරයෙන් තරග එම ක්‍රීඩාංගණයේ පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් ක්‍රීඩා ඇමැතිවරයා මෙහිදි වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක්

Mohamed Dilsad

දකුණු පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්

Mohamed Dilsad

තද වැසි-මුහුණ රළු වෙයි, ධීවර හා නාවික කටයුතු විමසිල්ලෙන්

Mohamed Dilsad

Leave a Comment