ප්‍රමුඛ පුවත 1

නව ‘සයිබර් තාක්‍ෂණ’ ප්‍රදර්ශනය නැගෙනහිර පළාතේ නරඹන්නන් සියගණනකගේ ආකර්ශනය දිනාගනී

(UTV|මඩකලපුව) – ‘නැගෙනහිර සයිබර් තාක්‍ෂණය – 2018’ නම් වූ අති දැවැන්ත ප්‍රදර්ශණය නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සයිබර් තාක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ දේශීය සිසුන් සමඟ සහයෝගයෙන් යුතුව අගෝස්තු මස 15 සහ 16 දිනයන්හි මඩකලපුව උසස් තාක්‍ෂණික ආයතනයේ දී පවත්වනු ලැබීය.

මෙම ප්‍රදර්ශනය සයිබර් තාක්‍ෂණ සබැඳි සුවීශේෂි නිෂ්පාදන පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් දැනුවත් කිරීමේ අරමුණින් පැවැති අතර විශේෂයෙන්ම සයිබර් තාක්‍ෂණ ආශ්‍රීත නිපයුම්, නව උපකරණ සොයාගැනීම, පරිගණක උපාංග, විදුලිය සහ ආලෝකකරණය, ගෘහස්ථ හා කාර්මික මෙවලම් සහ විද්‍යුත් උපකරණ ඇතුළු නව නිෂ්පාදන රැසකින් සමන්විත වූ මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා සියලු ජාතින් නියෝජනය කරමින් නරඹන්නන් විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම ප්‍රදර්ශනය, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ සංකල්පයකට අනුව පැවැති අතර නවෝත්පාදන රැසකින් සමන්විත වූ අතර එය විවෘත කිරීමේ අවස්ථාව සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගි විය.

මෙම ප්‍රදර්ශනයේ දී මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමය සහ සමන්තුරි උසස් තාක්‍ෂණික ආයතනයන්හි ඉගෙනුම ලබන විද්‍යාර්ථයින්ගේ සහ යුද්ධ හමුදා නවෝත්පාදකයින් රැසකගේ නිර්මාණවලින් සමන්විත වූ අතර එම නිර්මාණ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ බලධාරීන් මෙන්ම පාසල් සිසු සිසුවියන් රැසකගේ ආකර්ශණය දිනාගැනීමට සමත්විය.

නව නිපැයුම් 40 කට වැඩි ප්‍රමාණයකින් සමන්විත වූ මෙම ‘නැගෙනහිර සයිබර් තාක්‍ෂණය – 2018’ ප්‍රදර්ශනය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ශ්‍රී ලංකා උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනයේ පරිපාලන හා මූල්‍ය නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් කීර්ති කුමාර නවරත්න මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පැවැති අතර මඩකලපුව උසස් තාක්‍ෂණික ආයතනයේ අධ්‍යයන සම්බන්ධීකාරක සෙල්වරත්නම් ජේපාලන් මහතා සහ තවත් ආරාධිතයින් රැසක් සහභාගි විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැබිනට් සංශෝධනයක් සඳහා කමිටුවක්

Mohamed Dilsad

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් ගාස්තු සංශෝධනය කරයි

Mohamed Dilsad

රටක ඉදිරි සංවර්ධනට ඩිජිටල් ලේඛන කළමනාකරණයේ වැදගත්කම

Mohamed Dilsad

Leave a Comment