ප්‍රමුඛ පුවත 1

මහනුවර මහ රෝහලේ පළමු අක්මා බද්ධය සාර්ථකයි.

(UTV|මහනුවර) – මහනුවර මහ රෝහල මගින් සිදුකළ පළමු අක්මා බද්ධ සැත්කම ඊයේ(14) සාර්ථකව සිදුකිරීමට හැකි වූ බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය පී.කේ.හරිස්චන්ද්‍ර මහතා පවසයි.

අක්මාව ආශ්‍රිතව සිරෝසියස් (Cirrhosis) රෝගී තත්ත්වය හා අක්මා පිළිකාවට බදුන්වූවන්ගේ ජිවිත බේරා ගැනීම අසීරු තත්ත්වයට පත්ව තිබුණි.

නමුත් මහනුවර මහ රෝහල සිදුකළ විශ්මිත සැත්කමින් පසු රෝගීන් රැසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වන බවත් හරිස්චන්ද්‍ර මහතා සඳහන් කරයි.

දැනට අක්මා බද්ධ කිරීමේ සැත්කම් කොළඹ ජාතික රෝහල, රාගම ශික්ෂණ රෝහල ආදිය තුළ සිදුකරන අතර ඒ අනුව මහනුවර මහ රෝහලේ ද ඉදිරියේදී සැත්කම් ආරම්භ කිරීමට නියමිතය.

මහනුවර මහ රෝහල අඩු පහසුකම් යටතේ විශිෂ්ඨ දස්කම් රැසක් වාර්තාකළ රෝහලක් වන බවත් අක්මා බද්ධ කිරීමේ කාර්යය ඉදිරියට සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් දී ඇතැයි ද මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වාද්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සුදානම්

Mohamed Dilsad

විශාලම හෙරොයින් තොගයට සම්බන්ධ සැකරුවන් රිමාන්ඩ්

Mohamed Dilsad

හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න අභාවප්‍රාප්ත වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment