ප්‍රමුඛ පුවත 1

විභාග මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

(UTV| කොළඹ) – අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත මෙන් ම විභාග මධ්‍යස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු යොදවා ඇති අතර සෑම පොලිස් වසමකම පවත්වනු ලබන විභාග මධ්‍යස්ථාන වෙත පොලිස් ජංගම සංචාරයකින් ආරක්ෂාව සැපයේ.
එමෙන් ම ප්‍රශ්න පත්‍ර සහ උත්තර පත්‍ර ප්‍රවාහනය කරනු ලබන වාහන සඳහා ද පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු යෙදවීමට ද කටයුතු යොදා ඇතැයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
උසස් පෙළ විභාගය දිවයිනේ විභාග මධ්‍යස්ථාන 2268ක්, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 311ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් ක්‍රියාත්මකව පවතී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල්වල සිසුන්ගේ පැමිණීම ඉහලට.

Mohamed Dilsad

ජනපති සහ තායිලන්ත අගමැති ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනී

Mohamed Dilsad

ඉස්ලාමීය රාජ්‍යයන්ගේ සංවිධානයේ රටවල්වලින් ඒකාබද්ධ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment