ප්‍රමුඛ පුවත 1

කරාපිටියේ සැත්කම් යළිත් ඇරඹේ

(UTV| කොළඹ) – පසුගිය දින කීපයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ මධ්‍යම වායු සමීකරණ පද්ධතියේ ඇතිවී තිබු ගැටළුවට අද (18) විසඳුම් ලැබීම නිසා යළිත් හෘද සැත්කම් කිරීම ආරම්භ කර ඇත.

හෘදශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ අක්‍රියවී ඇති මධ්‍යම වායු සමීකරණ පද්ධතියේ ගැටළුවට පිළිගත හැකි විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා ඉකුත් සදුදා හා අගහරුවාදා යන දිනවල හෘද සැත්කම් කිරීමෙන් ඉවත්ව සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අක්‍රීයවී ඇති මධ්‍යම වායු සමීකරණ පද්ධතිය වෙනුවට නව වායු සමීකරණ පද්ධතියක් සවි කිරීම සඳහා ටෙන්ඩර් කර සමාගමකට ලබාදී තිබුණි.

පසුව එම ගැටළුවට විසඳුමක් ලැබීම නිසා යළි හෘද සැත්කම් ආරම්භ කිරිමට තිරණය කළ බව විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා පවසා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විරෝධතාවක් නිසා ගාලු මුවදොර පිවිසුම් මාර්ගය වසා දමයි.

Mohamed Dilsad

සාපෙළෙ ප්‍රතිඵල ලබන 28 නිකුත් වෙයි

Mohamed Dilsad

මනෝ තමාට කල ආරාධනය ගැන හෙළි කරයි

Mohamed Dilsad

Leave a Comment