විදෙස්

නේටෝවට ඇමෙරිකානු ආධාර අහිමිවන ලකුණු

(උදයම්,ඇමෙරිකාව)  – නේටෝ සංවිධානයට ලබාදෙන ආධාර ඉදිරියේදි කප්පාදු කිරීමට සිදුවන බව ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් පවසයි.

ඔහු පවසා ඇත්තේ ඉදිරියේදී  ඇමෙරිකාවේ දියුණුව හැර අනෙකුත් රටවල අනාගතය සම්බන්ධයෙන් තම රජයට වගකීමක් දැරීමට සූදානම් නොමැති බවය.

නේටෝ සංවිධානයට අයත් රටවල දළ දේශීය ආදායමෙන් සියයට 2ක ප්‍රතිශතයක දායකත්වයත් එම සංවිධානයේ අරමුදල් සඳහා ලබා දිය යුතුයි.

නමුත් එය නිසි පරිදි සිදු නොවන බවට ඇමරිකාව චෝදනා කරන අතර මෙම ප්‍රකාශයට එය හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.

Related posts

Boeing 737 Max ගුවන් යානාව රටවල් කිහිපයක තහනම් කෙරේ

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානුවන් සඳහා Vaccine Passport නිකුත් කිරීම ඇරඹේ

Mohamed Dilsad

Mohamed Dilsad

Leave a Comment