ප්‍රමුඛ පුවත 1

සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක්

(UTV| කොළඹ) – ජපාන රජය සමඟ කරන ලද ද්විපාර්ශවික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම උදෙසා ජපන් යෙන් මිලියන 10,639 ක (ආසන්න වශයෙන් රුපියල් මිලයන 15,500ක) ණය මුදලක් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) වෙතින් ලබාදීමට ජපන් රජය විසින් එකඟතාව පළකර ඇත.

මෙම ව්‍යාපෘතිය තුළින් තෘතීයික රෝහල්වල වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් බෝ නොවන රෝග වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වේ. තවද සෞක්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් වෛද්‍ය ඉංජිනේරු සේවා අංශයේත්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණඥයින් පුහුණු කිරීමේ පාසල්වලත් නව තාක්ෂණය යොදා ගනිමින්වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් වැඩිදුරටත් අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර, එය 2023 වසරේදී නිම කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතියට අදාළ ණය මුදල සඳහා වන ණය ගිවිසුම් අත්සන් කිරීම, අද දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රී රෝද රථවලට Wifi සහ මාර්ග සිතියම් පහසුකම් – ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථවලට තවත් සහන

Mohamed Dilsad

IMF නියෝජිත කණ්ඩායමක් ඉදිරියේදී දිවයිනට

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය වලින් දරුවා ආරක්ෂා කිරීම රජයේ මෙන්ම දෙමව්පියන්ගේත් වගකීමයි – එම්.එච්.ඒ හලීම්..

Mohamed Dilsad

Leave a Comment