ප්‍රමුඛ පුවත 1

නාමල් අධිකරණයට එයි

(UTV| කොළඹ) – හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවතින නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද (12) මෝසමක් මගින් කැඳවනු ලැබීය.

ඒ අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15 ක මුදලක් N.R කන්සල්ටෙෂන් පුද්ගලික සමාගම හරහා විශුද්ධීකරනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙනි.

නීතිඥවරයකු මාර්ගයෙන් මෙම මෝසම ගොනු කරමින් නාමල් රාජපක්ෂ දන්වා සිටියේ අසනීප තත්වයක් හේතුවෙන්  පසුගිය ජූනි මස 24 වැනිදා ඔහුට  මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බවයි.

මෙම නඩුවේ ඇප කොන්දේසියක් ලෙස සැකකරුට මාස දෙකකට වරක් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියෝග කර තිබු අතර මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී නොසිටීම තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර ඇති බැවින් එම කාරනය නොසලකා හරින බව අතිරේක මහේස්ත්‍රාත්වරයා දැනුම් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වාහන මිළ ඉහල යයි.

Mohamed Dilsad

ඉන්ධන මිල වෙනස් නොවෙයි

Mohamed Dilsad

දකුණු අප්‍රිකානු ජනපති දිවයිනට

Mohamed Dilsad

Leave a Comment