ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු යළි ඉහළ යයිද?

(UTV| කොළඹ) – ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් මිල ඉහළ දැමීමත් සමග යළි පොදු ප්‍රවාහන සේවාවල ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වී තිබේ.

රජයේ තීරණයත් සමග ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 08 කින් හා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07 කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමිණ.

එම තීරණයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින් ඉහළ ගිය අතර සුපර් ඩීසල් ලීටරයක මිල ඉහළ ගියේ, රුපියල් 10 කිනි.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී  ප්‍රකාශ කළේ, මිල සූත්‍රයට අනුව සෑම මාසයකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ය.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ, ඉන්ධන මිල ඉහළ යාම බස් රථ හිමියන්ට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් තීරණයක් අද දහවල් වන විට ගන්නා බව අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයුරළ නෞකාව කොළඹ වරායට

Mohamed Dilsad

ජන හදවත් දිනා ගැනීමේ වගකීම ගැන අනුර කුමාර කියයි [VIDEO]

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ අද පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට

Mohamed Dilsad

Leave a Comment