ප්‍රමුඛ පුවත 1

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් ජනපතිගේ නිරික්ෂණයට

(UTV|පොළොන්නරුව) – ජනාධිපතිතුමා චීන රජයෙන් කරන ලද ඉල්ලීම පරිදි ලැබුණු මිත‍්‍රශීලී පරිත්‍යාගයක් අනුව පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතු  ඊයේ (28) ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

අද උදෑසන හදිසියේම ජාතික වකුගඩු රෝහල ඉදිකෙරෙන ස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා එම කටයුතු සොයා බැලීය.

වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා තුළ තිබූ දිගුකාලීන අපේක්ෂාවක් ඉටුකරමින් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස මෙම රෝහල ඉදිකෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12,000 කි.

උතුරු මැද පළාතේ පමණක් නොව රට පුරා විසිර සිටින වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙම රෝහල ඉදිකෙරෙන අතර, ලොව නවීනතම පරික්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විතය.

මාස 24 ක් තුළ ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත අතර ඒ අනුව 2020 ජූලි මාසයේදී ව්‍යාපෘතියේ කටයුතු නිමවනු ඇති.

රෝහලේ ඉදිකිරීම් කඩිනම් කර, එහි ප‍්‍රතිලාභ රටේ අහිංසක වකුගඩු රෝගීන් වෙනුවෙන් ලබාදීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව පරාක‍්‍රම සමුද්‍රය පරිශ‍්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා නිදහසේ ටික වේලාවක් එහි රැඳී සිටියේය.

පොසොන් උදාව නිමිත්තෙන් ඓතිහාසික පොළොන්නරුව පුදබිමට පැමිණ සිටි ජනතාවගේ තොරතුරු විමසමින් ඔවුන් සමග සුහද කතා බහක නිරතවීමට ද ජනාධිපතිතුමා අමතක නොකළ අතර, වන්දනාකරුවන් ද සිය ගැටලු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.

මේ අතර පුලතිසිපුර පොසොන් අසිිරිය විඳිමින් ඊයේ රාති‍්‍රයේ එම ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා පොළොන්නරුව කදුරුවෙල කෘෂි ආර්ථික මධ්‍යස්ථාන පරිශ‍්‍රයේ සංවිධානය කර තිබූ පොසොන් කලාපය නැරඹීමට ද එක්විය.

ජනාධිපති කාර්යාලය, ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය එක්ව මෙය සංවිධානය කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටවල් කිහිපයක තනාපතිවරුන් පැමිණ ජනපතිට සුබ පතයි [VIDEO]

Mohamed Dilsad

පයාගල මුහුදේ ගිලී 11 දෙනෙකු මරුට

Mohamed Dilsad

රටේ සම්පත් විනාශ කිරීම ගැන ඇමති රිෂාඩ්ගෙන් අනතුරු ඇඟවීමක්(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment