විදෙස්

මෙක්සිකෝවේ නගර 20ක ජනතාව ට්‍රම්ප්ට එරෙහි වෙයි

(උදයම්,ඇමෙරිකා)  – ඇමෙරිකා ජනාධිපතිවරයාට එරෙහිව මෙක්සිකෝවේ නගර 20ක විරෝධතා සංවිධානය කෙරේ.

මෙක්සිකෝවෙන් පැමිණෙන සංක්‍රමණිකයින් කෙරෙහි ඇමෙරිකා ජනාධිපතිවරයා දක්වන දැඩි ප්‍රතිපත්තිවලට විරුද්ධව මෙම උද්ඝෝෂණ සංවිධාන කර තිබේ.

විශාල පිරිසක් මෙම විරෝධතා සඳහා එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙක්සිකෝ නගරය ඇතුලු නගර 20ක ජනතාව උද්ඝෝෂණ සඳහා එක්ව සිටිති.

සුදු පැහැති ඇඳුමින් සැරසී රතු පැහැති කොඩි රැගෙන ජනතාව උද්ඝෝෂණවලට එක්ව සිටින බව වාර්තාවේ.

සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල සිසුන් හා ව්‍යාපාරිකයින් උද්ඝෝෂණවලට සහභාගි වී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

Related posts

ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි

Editor O

කැනඩාවේ කොවිඩ් ආසාදන තවදුරටත් ඉහළට

Mohamed Dilsad

අභ්‍යවකාශ පාෂාණයක් පෘතුවිය දෙසට

Mohamed Dilsad

Leave a Comment