ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියන්ගෙන් මහාධිකරණයට අභියාචනා පෙත්සමක්

(UTV| කොළඹ) – පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් දඬුවම් නියෝගයට එරෙහිව මහාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට ඊයේ(14) දිනයේ දී මාස 6කින් ගෙවී යන පරිදි  බරපතළ වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කළේය.

ඊට අමතරව රුපියල් 3000ක දඩ මුදලක් හා රුපියල් 50,000 ක වන්දි මුදලක් ද එකවර ගෙවන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවම් නියෝගයෙන් නිදොස් කොට නිදහස් කරන මෙන් හා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය අවලංගු කරන ලෙස මහාධිකරණයෙන් ඉල්ලා මෙම පෙත්සම අද(15) දිනයේ දී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඥානසාර හිමියන්ගේ නීතිඥ මංජුල මහාකුඹුර මහතා විසින් ඉදිරිපත් කර ඇත.

2016 වසරේ ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන වැදී තර්ජනය කළ බවට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබිණි.

ඒ අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 386 සාපාරාධී අඩත්තේට්ටම් කිරීම සහ අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව හෝමාගම පොලීසිය මඟින් පවරා තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහේස්ත‍්‍රාත්වරයා විසින් ඥානසාර හිමියන් වැරදිකරු බවට ප්‍රකාශයට පත් කර දඬුවම් නියම කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ‍්‍රී ලංකා – සිංගප්පූරු ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

Mohamed Dilsad

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම ඇරඹේ

Mohamed Dilsad

වර්ෂාව තවදුරටත් – දිස්ත්‍රික්ක කීපයකට නායයෑමේ අනතුරු ඇගවීම්

Mohamed Dilsad

Leave a Comment